මෙන්න මේකයි වෙන්නේ ඇමෙරිකාවේ තියෙනවනේ ඇරිසෝනා කියලා ප්‍රාන්තයක්. එකේ කෙරවලේ තියෙනවා සමර්ටන් කියලා ගමක් මෙක්සිකානු දේශ සීමාවට ලංවෙලා. මේ ගමේ ඉන්නේ ටිකක් පරණ මිනිස්සු නගරෙන් ඈත් වෙලා නිදහස අගය කරන පිරිසක්. ඉතින් නගරේ ඉන්නවා ෂෙරිෆ් කෙනෙක් සහ ගෝලයෝ තුන් දෙනෙක්. ඒ කිව්වේ අපේ ආරච්චිලා වගේ ගමේ සාමය ආරක්ෂා කරන්න ඉන්න ඒ ගමේ පොලිසිය තමයි මෙයාල. ප්‍රධාන චරිතය වන ෂෙරිෆ් තමයි හැට පැන්නත් වීරයා වීරයමයි කියල ඔප්පු කරන ආර්නෝල්ඩ් ස්වාසර්නේගර් නගරාධිපති තුමා. ඉතින් මේ අතරේ මේ නගරයට යම් පිරිසක් එනවා දවසක, එදා මේ ෂෙරිෆ් මහත්තයාගේ නිවාඩු දවස. මේ මිනිස්සු ටිකක් අමුතුයි. එත් එක්කම ඇමෙරිකානු FBI එකෙන් දරුණු අපරාධ ලෝකේ රජෙක් වන මෙක්සිකානු සිරකරුවෙක් ඉතාම රහසිගත ලෙස මාරු කරවන්න හදනවා. ඉතින් අවසානයේ මේ සිරකරුවා ඉතාමත් සූක්ෂම ලෙස හිරෙන් පනිනවා අතරමගදී. මෙයා විශේෂ දක්ෂතා තියෙන කෙනෙක්. ඒ වගේම හොඳ රථ ධාවකයෙක්. එතනදී තමයි ඔන්න වැඩේ පටන් ගන්නේ. කලින් ගොඩක් කිව්ව් නිසා අද මොකුත් කියන්නේ නැහැ. ඔන්න එහෙනම් බලන්නම වෙනවා කවුද මේ සිරකරුවා මොකටද සමර්ටන් වලට අර මිනිස්සු ආවේ? අපේ ෂෙරිෆ් මහත්තයා මොනවා කරයිද සමර්ටන් වල සාමය ආරක්ෂා කරන්න? මේ ප්‍රශ්න ඉතුරු කරන්නේ ඔයාලගේ කුතුහලයට.
පසුගිය ජනවාරි 23 තිරගත් කිරීම් ආරම්භ කල් මේ කතාව IMDb දර්ශකයේ ලකුණු 6.9ක් අරගත් ක්‍රියාදාම සාගරයකින් යුතු කතාවක්. ඒ වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jee Woon Kim විසින්. රංගන දායකත්වය Arnold Schwarzenegger, Forest Whitaker, Peter Stormare වගේ දක්ෂ නළුවන්ගෙන්.
මෙන්න torrent වලින් බාන අයට... 300MB
මෙන්න torrent වලින් බාන අයට... 710MB
No comments:
Post a Comment