මගේ නම එරන්. එරන් ටිරනී. තරුණකමට හෝ මෝඩකමට ඇති කර ගත්තු වැරදි සම්බන්ධයක් හින්දා වද විඳින තවත් එක කෙල්ලෙක්. මගේ මහත්තයා බොස්ටන් පොලිසියේ පරීක්ෂක වරයෙක්. මේ මෝඩ තීරණය හින්දා මේ වයසේ කවුරුත් තම සැමියගෙන් ලබන්න පෙරුම් පුරන සුන්දර ආදරය, සෙනහස වෙනුවට හැමදාම මට ලැබෙන්නේ බැණුම්, ගුටි සංග්‍රහයක් විතරයි. එයා එක්තරා ආකාරයක පිස්සෙක්. ඒත් එක දවසක සිදුවන එක සිදුවීමක් නිසා මම ගෙදරින් පැන ගත්තා.
ඒත් මහත්තයා මගේ පස්සෙන්ම එළවන බව මම දන්නවා. කොටින්ම මම දුර ඈත නගරයකට ගිහින් හැංගෙන්න හිතාගෙන ගන්න ගිය බස් එකටත් එයා හොයාගෙන එනවා මම දැක්කා. ඒත් මම කොහොමහරි පැනගත්තා. මට හැංගෙන්න හොඳයි කියලා හිතුණු වෙරළබඩ පොඩි නගරයක මම නැවතුණා. කලබලකාරී නගරයෙන් මිදිලා, ස්වභාවධර්මයේ ලස්සන අත්විඳින්න පුළුවන්, මුහුද අයිනක තියෙන කුරුල්ලන්ගේ ශබ්දයෙන් කන් පුරෝගන්න පුළුවන් මේ පුංචි නගරය හරිම සුන්දරයි. ඒත් කොච්චර කාලයක් මෙතනම මට ඉන්න ලැබේවිද? මේ ලස්සන විඳින්න ලැබේවිද?
පොලිසියෙ ඉන්න කෙනෙක්ට කෙනෙක්ව හොයාගන්න ලේසි විත්තිය මම දන්නවා. එයා මාව හොයාගෙන ඇවිත් මරලා දාන බවත් මම දන්නවා. ඒත් කොහොමහරි බේරිලා පුළුවන් තරම් කාලයක් ඉන්න තමා මම හිතන් ඉන්නේ.
මේ Dear John, The Notebook, A Walk to Remember, Message in a Bottle, Nights in Rodanthe, The Last Song වැනි කතා ලියවෙච්ච නිකලස් ස්පාර්ක්ස් අතින් ලියවුණු මගේ කතාවයි. එහෙනම් ඔයාලත් බලන්නකෝ මගේ ජීවිත කතාව.211
Torrent
411MB
707MB
950MB
No comments:
Post a Comment