Friday, May 3, 2013

Dredd 3D (2012)




ඇමරිකාව අනාගතයේදී උග්‍ර අර්බුධ රාශියකට මුහුන දෙනවා. මැරකල්ලි, ආයුධ, මත්ද්‍රව්‍ය ආදිය නිසා සිදුවන විනාශකාරී තත්වය මත අනාගතයේදී ඇමරිකාව හඳුන්වනුයේ ශාපලත් භූමිය යනුවෙන්. සෑම විනාඩියකටම අපරාධ 12ක් වාර්තා වෙනව. දවසකට අපරාධ 17000ක් සිදුවෙනවා. ඉතින් අනාගතේදි ඇමරිකාව කියන්නෙ තනිකරම අවුල් ජාලයක්. මේ අවුල විසඳන්න ඇමරිකාවෙ ඉන්නව එක කණ්ඩායමක්. හරියට හමුදාවක් වගේ. මෙයාලට අධිකරණ බලතල හැම එකක්ම තියනව. මේ කණ්ඩායමට කියන්නෙ ‘ජජ්ස්’ නැතිනම් ‘විනිසුරුවරු’ කියල. එහිදී විනිසුරුවරයා, ජූරිය සහ අලුගෝසුවා ලෙස ක්‍රියාත්මක වෙන්නෙ මේ ජජස්ල තමයි.

මේ කාලෙ ඇමරිකාවෙ හුඟක් මිනිස්සු ජීවත් වෙන්නෙ විශාල තට්ටු නිවාස සංකීර්ණ වල. මේ එක නිවාස සංකීර්ණයක තට්ටු 200ක් තියනව. හිතා ගන්න පුලුවන්නෙ සයිස් එක… මේ අතරෙ ‘මා-මා’ කියල ගෑනු කෙනෙක්’ස්ලෝ-මෝ’ කියල අලුත් මත්ද්‍රව්‍යක් නිශ්පාදනය කරල බෙදාහරිනව. මේව නිශ්පාදනය කෙරෙන්නෙ ‘පීච් ට්‍රීස්’ කියන තට්ටු 200කින් යුත් නිවාස සංකීර්ණයක. ඒකෙ සාමාන්‍ය ජනතාව 75000ක් විතර ජීවත් වෙනව.මේකෙ වෙන අපරාධ නවත්තන්න බාර වෙන්නෙ ‘ඩ්‍රෙඩ්’ කියන විනිසුරුවරයට. ඉතින් මෙයා මේ වැඩේට බහින්නෙ විනිසුරුවරුන්ගේ කණ්ඩායමට අලුතිත් බඳව ගන්න ඉන්න ආධුනික සෙබලියක් වන ‘ඇන්ඩර්සන්’ සමඟ.. ඇය මේ මෙහෙයුමේදි ක්‍රියා කරන ආකාරය අනුව තමයි ඇය ආධුනික සෙබලුන් බඳවාගැනීමේ පරීක්ෂණයෙන් සමත්ද අසමත්ද යන බව තීරණය කරන්නෙ. ඒ විතරක් නෙමෙයි ඇයට අනුන්ගේ හිත් කියවීමේ අසාමාන්‍ය හැකියාවකුත් තියනව. කොහොමහරි මේ නිවාස සංකීර්ණයට මේ දෙන්න ඇතුල් වුනාට පස්සෙ, ‘මා-මා’ මේ නිවාස සංකීර්ණය සම්පූර්ණයෙන් වැසෙන පරිදි යකඩ ආවරණයක්(විශේෂිත ආරක්ශක ආවරණයක්) දමා මෙය සම්පූර්ණයෙන් අගුලු දානව. දැන් ඩ්‍රෙඩ් සහ ඇන්ඩර්සන් දෙන්න මේක ඇතුලෙ හිර වෙලා ඉන්නෙ. ඉතින් මේ තට්ටු 200ක නිවාස සංකීර්ණය ඇතුලෙ ඊට පස්සෙ වෙන්නෙ මොනාද කියල දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනව…

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Pete Travis විසින්. Karl Urban, Olivia Thirlby සහ Lena Headey යන අය රංගනයෙන් දායක වෙනව . IMDb ලකුණු 7.6ක් ලැබිල තියනව. මේකෙ තිර රචනය කරල තියෙන්නෙ ‘ජජ් ඩ්‍රෙඩ්’ කියන චිත්‍ර කතාව අනුසාරයෙන්. මේ ෆිල්ම් එක සැවෝයි සිනමා ශාලාවේ 3D චිත්‍රපටයක් විදියටත් පෙන්නුව සුපිරි ෆිල්ම් එකක්. හැමෝම බලන්න…


මෙන්න torrent වලින් බාන අයට... (927MB)

http://torcache.net/torrent/22200E219F2644B3BC3CD235AC01FE8FB93E5E51.torrent?title=%5Bkat.ph%5Ddredd.2012.cropped.hdrip.xvid.nydic




No comments:

Post a Comment