![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQhUAcuWI-0kufbIdgpXOidppDeSLLWwqI9rM23t6ZVIDveJPb6GwS-XRk1uwBpikmAYqzXO-ySTEwe-ZCPsSJw_MDnmBFdZXOlnUjPpjMHuIaECqgyvj9CZVQPGdje5BQ4zYMK8E0RA/s1600/parker+poster.jpg)
“ජේසන් ස්ටැතම්ගේ” නවතම සිනමා පටය තමයි මම අද ඔයාලට අරගෙන ආවෙ. නම අහපු සැනින් ඕනම කෙනෙක් දන්නවනෙ. කෙටි කාලයක් තුල සිනමා ක්ෂේත්‍රයේ ලොකු වෙනසක් කරන්න සමත්කම් දක්වපු නලුවෙක් තමයි මොහු. එහෙනම් අපි බලමු මෙදා සැරේ මෙයා අත ගහල තියෙන්නෙ මොනවගේ චිත්‍රපටයකටද කියල.
ටේලර් හැක්ෆර්ඩ් විසින් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. ක්‍රියාදාම, අපරාධ, ත්‍රාසජනක සිදුවීම් පෙලක් රැගත් මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ ලකුණු 6.3ක් ලැබිල තියනව. ‘ජේසන් ස්ටැතම්’ට අමතරව මෙහි ලෝක ප්‍රකට ගායිකා ‘ජෙනිෆර් ලෝපේස්’ද රංගනයෙන් දායක වෙනවා…
ජේසන් මෙහි “පාකර්” කියන චරිතයට තමයි පණ පොවන්නේ. ඇත්තටම පාකර් කියන්නෙ හොරෙක්. හැබැයි මෙයා සාදාරණ හොරෙක්. මෙයාට හොරකම් කරද්දි නීති රෙගුලාසි කීපයකට එකඟව තමයි මේ හොරකම් කරන්නෙ. දුප්පත් අසරණ මිනිස්සුන්ගෙන් මෙයා හොරකම් කරන්නෑ. ඒවගේම හොරකම් කරද්දි කිසිම කෙනෙක්ට හානියක් හිරිහැරයක් කරන්නෑ. ඉතින් මෙයා මේ විදියට තවත් කට්ටියක් එක්ක එකතු වෙලා වෙළඳ සල්පිලක මුදල් රැස් කරන තැනක් මංකොල්ල කනව. මේ මංකොල්ලය අතරෙදි හාඩ්වික් කියන කෙනාගෙ වැඩක් නිසා එතන පිපිරීමක් සිද්ද වෙලා එක් පුද්ගලයෙක් මිය යනව. හොරකම සාර්ථක වුනත් මේ නිසා පාකර් හුඟක් තරහෙන් ඉන්නෙ…
ඊට පස්සෙ හොරු කට්ටිය තම තමන්ගෙ පංගුව බෙදාගන්න යද්දි ඉදිරියේදී සිදු කරන්න යන තවත් හොරකමක් ගැන කතා බහ කරනව. මෙයාලගෙ ප්ලෑන් එක මේ හොරකම කරල ගත්ත සල්ලි ටික ඊලට හොරකම කරන්න වියදම් කරන්න. ඒ කියන්නෙ ඊලඟ එක දැවැන්ත හොරකමක්. කෝටි ගාණක් වටිනා ආභරණ වෙන්දේසියක් මංකොල්ල කන්නයි යන්නෙ. හැබැයි පාකර් මේ අලුත් වැඩේ ප්‍රතික්ෂේප කරල තමන්ගෙ කොටසත් අරන් යන්න හදනව. එතකොට අනිත් අය එකතු වෙලා පාකර්ව වාහනෙන් එලියට ඇදල දාල වෙඩි තියල දානව. දැන් මේ හොරු සෙට් එක හිතන්නෙ පාකර් මැරිල කියල. හැබැයි මෑන්ස් මැරුනෙ නෑ. දැන් පාකර් හදන්නෙ කොනක ඉඳන් පලි ගන්න. පාකර් පලිගන්න හේතුව තමන්ගෙ සල්ලි ටිකත් අරන්, තමන්ට වෙඩි තියල හොරු පැනල ගියපු එකම නෙමෙයි. අනික් හේතුව තමයි හාඩ්වික් කියන කෙනා කරපු වැඩේ නිසා පළවෙනි හොරකමේදි කෙනෙක් මියගිය නිසා. මේ හේතු 2ම නිසා පාකර් කේන්තියෙන් වියරු වැටිල ඉන්නෙ. පාකර් පලිගන්න සැලසුම් කරන අතරෙදි අනිත් හොරු සෙට් එක ඔවුන්ගේ මීලඟ දැවැන්ත මංකොල්ලය සැලසුම් කරනව. මේ පලිගැනීම පාකර් මොන විදියට සැලසුම් කරයිද? හොරුන්ගේ මීලඟ මංකොල්ලය මොන වගේ වෙයිද? මේ පලිගැනීමෙදි පාකර්ට මොනවගේ දුෂ්කරතා වලට මුහුණ දෙන්න වෙයිද? මේ අතරෙදි පාකර්ගේ උදව්වට කවුරු ඉඳියිද?.. මේ හැමදේටම අවසානයේ උත්තර ලැබෙයි.
මෙන්න torrent වලින් බාන අයට... 710MB
මෙන්න torrent වලින් බාන අයට... 870MB
මෙන්න torrent වලින් බාන අයට... 1.1GB
No comments:
Post a Comment