Friday, May 3, 2013

A Common Man (2012)

මතකද අපි ගෙනා කැලණි ගඟේ පාළම? එහි අපි සඳහන් කළා එම සිනමා කර්තව්‍යය වෙනුවෙන් අපේ රටේ ශිල්පීන්ගෙන් ලැබුණ දායකත්වය ගැන! එහිදී අපි විශේෂයෙන් සඳහන් කළ අප රටේ නම් දෙකක් තිබුණා මතකද? ඔව් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ඉන් එක නමක්. අනික් නම මතකද? අමතකනම් මේ චිත්‍රපටිය බලන්ඩ. ඉන් පස්සෙ කිසිදාක ඒ නම අමතක වෙන්නෙ නම් නෑ. මොකද අපේ රටෙන් හොලිවුඩය දක්වා ගෙනයන ඒකාබද්ධ සිනමා නිර්මාණයක් විදිහට මේක අපටත් බොහොම ලොකු වටිනාකමක් සහිත නිර්මාණයක් බවට පත්වෙනු ඇති බවයි අපගේ අදහස. ඒ නිසාවෙන්මයි, අප මේ විදිහට මෙය අන්තර්ජාලයට නිකුත්වෙන්නා හා ම සිංහල සමග ඔබ’තට පත් කරන්නට උත්සුක වුණේ. අහ්! අර කියාපු අපේ රටේ අනිත් ශිල්පියා… ඕහ් නෑහ් :( වැරදුණා! මේ සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා; ඔහු තමාචන්ද්‍රන් රත්නම්.
හරි එහෙනම් බලමු මොකද්ද මේ චිත්‍රපටිය කියලා. අමුතුවෙන් නොකිව්වට මේක අපට බොහොම හුරුපුරුදු කතාවක්. මොකද ත්‍රස්තවාදය ගැනයි මේකේ කතාව දිගහැරෙන්නේ.
අපරාධ පරීක්ෂණ වාර්තාව:-
ස්ථානය: කොළඹ නගරය (ශ්‍රී ලංකාවේ අගනගරය)
සිදුවීම: බෝම්බ තර්ජනයක් (නගරයේ විවිධ තැන්වල අටවන ලද බෝම්බ 5ක් ගැන දන්වමින් ලැබෙන නාඳුනන දුරකථන ඇමතුමක්)
ඉල්ලීම්: හිරකරුවන් නිදහස් කිරීම (ත්‍රස්ත ලෝකයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු එකවර නිදහස් කර හරින මෙන් රජයට අනතුරු හඟවයි)
විසඳීම: නොදනී (ඒ පිළිබඳ දැනගැනීමට මෙම සිනමාපටය නැරඹීම අනිවාර්ය වේ)
ඔන්න ඕකයි විස්තරේ. අපටනම් කොහොමත් හුරුපුරුදු කතාවක් වුණත්, මේක ලෝකෙටම තදින් දැනෙන එක්තරා හේතුවක් තිබෙනවා. ඒ තමයි පසුගිය දිනෙක මැරතන් තරගයක් අතරතුරේ ඇමරිකාවේ බොස්ටන් නගරයේදී පුපුරා ගිය බෝම්බය. තිදෙනෙකුට මරු කැඳ වූ මේ බෝම්බයේ උණුසුම පහවන්නටත් මත්තෙන් මෙම චිත්‍රපටිය ඇමෙරිකාවෙහි තිරගත වීම ඇරඹුණා. බටහිර බලවතුන් භීතියෙන් ඇළළූ ඒ සිදුවීම මෙය තිරගත වීම ඇරඹෙන්නට මත්තෙන් ඉතා ආසන්න දිනෙකදී සිදු වීම, මේ චිත්‍රපටය කෙරෙහි දැඩි උනන්දුවක් ඇති කිරීම කෙරෙහි ප්‍රබලව බලපෑ සිදුවීමක් බවට පත්වුණා. New York Film Festival’හි අවසන් තෝරාගැනීම් කිහිපය අතරට ඇතුළත් වන්නට මෙම චිත්‍රපටය සමත් වුණේ ඒ නිසානම් නෙමෙයි. ඒ මෙය ඊට නිතැතින්ම සුදුසු නිසාම පමණයි. ඒ වගේම මෙහි රඟපාන අයවලුන් ගැන නොකිව්වොත් ලොකු අඩුවක්. Ghandi (1982) චිත්‍රපටියෙන් ඔස්කා හොඳම නළුවා බවට පුද ලද Ben Kingsly (Iron Man 3 – චිත්‍රපටයෙනුත් නුදුරු අනාවේදීම දැක ගත හැකි වනු ඇති) මෙහි කතා නායකයා වන ත්‍රස්තවාදියා ලෙසින් චරිත නිරූපනයෙහි යෙදෙන අතර තවත් සම්මානනීය නළුවෙකු වන Ben Cross ඔහු පසුපස හඹා යන ජාත්‍යන්තර පොලිස් නිලධරයා ලෙස ප්‍රබල රංගනයක නිරත වෙනවා. ඇමෙරිකානු ලාංකික ඒකාබද්ධ නිෂ්පාදනයක් වන මෙය දැනටමත් හොඳ ප්‍රසාදයක් දිනා ගන්නට සමත් වී තිබෙනවා. ඒවා කොහොම වෙතත් අපේ රටෙන් ලෝකෙට යන දෙයක් හැටියට මෙවැන්නක් අපි මගහැරගන්නට හොඳ නෑ කියන එකයි මගේනම් අදහස. මොකද අපේ රටේ සිනමාව ගැනත් යම් ඉඟියක් පෙරමග ලකුණක් බවට මෙය යම් දිනෙක පත් විය හැකි නිසා.


මෙන්න torrent වලින් බාන අයට...  380MB

මෙන්න torrent වලින් බාන අයට...  750MB (720p)

මෙන්න torrent වලින් බාන අයට...  1.24GB (1080p)





No comments:

Post a Comment