නර්තනය කියන්නෙ බොහෝ දෙනෙක් ඉතා ආදරයෙන් වැලඳ ගන්නා දෙයක්. නර්තන කියන තේමාවට මුල් තැන දෙමින්, ඉන්දියාවේ බිහි වූ සුපිරිතම චිත්‍රපටයක් තමයි මම අද මේ ඔයාලට අරගෙන ආවෙ. මෙම චිත්‍රපටය ඉන්දියාවට සුවිශේෂී වීමට එක් හේතුවක් වන්නේ මෙය එරට තිරගත වන පළමු ත්‍රිමාණ චිත්‍රපටය නිසාවෙන්. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 7ක් ලබාගැනීමටත් මෙයට හැකි වී තිබෙනවා. මෙහි ප්‍රධාන භූමිකාව රඟ දක්වන්නේ සුපිරි නළු ”ප්‍රභූ දේවා” විසිනි. එහෙනම් මම වැඩි කතා නැතුව කෙලින්ම චිත්‍රපටයේ කතාවට බහින්නම්.
විශ්ණු (ප්‍රභූ දේවා) කියන්නෙ දක්ෂ නැටුම් ගුරුතුමෙක්. එයා වැඩ කරන්නෙ තම මිත්‍රයෙක් වන ජහන්ගීර් සමඟ ඔහුගේ නැටුම් පාසලේ.. කොහොම හරි චිත්‍රපටය ආරම්භයේදීම නැටුම් තරඟයකින් ඔවුන්ගේ කණ්ඩායාම ජයග්‍රහණය කරන සිදුවීමක් පෙන්වනවා. ඒත් විශ්ණු දන්නව තමන්ගෙ කණ්ඩායමට වඩා අනිත් කණ්ඩායම හොඳින් නර්තනය ඉදිරිපත් කළ බව. ඒත් ජහන්ගීර් කොහොම හරි හොර කරල කණ්ඩායම දිනවනව. මෑන්ස්ට ඕනෙ හොඳින් හරි නරකින් හරි දිනන්න. මේ හේතුව නිසා ඇති වුන ප්‍රශ්නයක් නිසා විශ්ණු මේ නර්තන පාසැල අත්හැරල තමන්ගෙ පරණ යාලුවෙක් ලඟට යනව. ඒ ගෙදර ඉද්දි මෙයා දකිනව පොලීසියෙන් පැනල යන කොල්ලො සෙට් එකක්. මේ කොල්ලො ටික පස්සෙ පොලීසියෙන් කොච්චර පැන්නුවත් මුන්ව අල්ලන්න බෑ. මොකද මේ සෙට් එක දන්න වැඩ කිඩ සේරම දාල අරෙහෙන් මෙහෙන් රිංගල පැන ගන්නව. මේ අයව දැකපු විශ්ණු සර්ට අදහසක් පහල වෙනව නර්තන කණ්ඩායමක් හදන්න. හැබැයි වැඩේ හිතුව තරම් ලේසි වෙන්නෑ. ඊට පස්සෙ වෙන්නෙ මොකද කියල ඔයාලම බලන්න. සුපිරි නැටුම් ටිකක් ඔයාලට බලාගන්න පුලුවන්.(ටිකක් කිව්වට ටිකක් නෙමෙයි හොඳේ!)..
මේ චිත්‍රපටියෙන් සමාජය යහපත් ආදර්ශ රාශියකුත් ගෙනහැර පානවා. කණ්ඩායම් හැඟීම කියන දේ කොච්චර වැදගත්ද, විශ්වාසය, ඉවසීම, කැපවීම, නොසැලෙන උත්සාහය.. මේ හැමදේම මේ චිත්‍රපටයේ අඩංගු වෙනව. හැමෝටම බලන්න වටින සුපිරිම ෆිල්ම් එකක්. මේ වෙනකොට මේ චිත්‍රපටයට වැය වූ මුදල මෙන් දෙගුණයකටත් වඩා ආදායමක් ලබල තියනවලු. ඒකෙන්ම තේරෙනවනෙ කොහොමද කියල.
මෙන්න torrent වලින් බාන අයට... 700MB
මෙන්න torrent වලින් බාන අයට... 1.0GB
No comments:
Post a Comment