මේක ඇමරිකාවේ තිරගත වෙන්න පටන් ගත්තේ මේ මාසේ 23 වෙනිදා. මේ චිත්‍රපටිය ආසන්න වශයෙන් ඩොලර් 4,000,000.00 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියාවි කියලා විචාරකයන් කියනවා. ඒ වගේම මේ චිත්‍රපටියේ ඔයාලා මීට කලින් දැකලා නැති ලස්සන සටන් ක්‍රමයක් තියෙනවා. ඒ මොකක්ද කියලා ඔයාලට දැනගන්න පුළුවන් වෙන්නේ මේක බැලුවොත් තමයි. මෙහි මයිකල්ගෙ චරිතය රඟපාන්නේ El Gringo, The River Murders, Soldiers of Fortune වැනි චිත්‍රපටි වල රඟ පෑ සම්මානනීය සුපිරි නළු Christian Slater විසිනුයි. ඒ වගේම මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන මායාගෙ චරිතයට පණ පොවන්නේ Sofya Skya නම් සුරූපී නිලියයි.
මයිකල් කියන්නේ රුසියාවේ ඉන්න ධනවත් ඇමරිකානු තෙල් වෙලෙන්දෙක්. ඔහුගෙ බිරිඳ මායා, අති දක්ෂ බැලේ නර්ථන ශිල්පිණියක්. ඔවුන් දෙදෙනාට ලස්සන පුංචි දුවෙකුත් ඉන්නවා නීනා කියලා.. මයිකල් මේ දෙන්නට හරිම ආදරෙයි. මෙයාලගෙ ජීවිත හරිම සුන්දර විදිහට ගලාගෙන යනවා.
රුසියාව කිව්වම ඔයාලා දන්නවනේ ඒ රටේ ඉන්න මාෆියා කල්ලි ගැන?.. මයිකල්ගෙ තෙල් පිරිපහදු කරන සමාගමෙන් හිටි හැටියේ සල්ලි වගයක් නැති වෙනවා.. පොඩි ගානක් නෙවෙයි.. ඩොලර් බිලියන බාගයක්.. ඒ අතරේ මයිකල් පස්සෙන් මාෆියා කල්ලියක් පන්නනවා. ඒක කෙලවර වෙන්නේ මයිකල්ව මරලා දාලා. කොහොම හරි මයිකල් තමන් මැරෙන්න යන බව දැනගෙන මැරෙන්න කලින් නීනාට රහස් පණිවිඩයක් එවනවා. . මේ මාෆියා කල්ලිය මයිකල්ව මරලා දාලා එතනින් නවතින්නෙ නැහැ. ඔවුන් මයිකල්ගෙ බිරිඳවත් මත් කුඩු සිද්ධියකට පටලවලා රුසියානු හිර ගෙයකට දානවා… ඒ අතරේ මයිකල්ගෙ යාළුවෙක්ගෙ මාර්ගයෙන් මායා ඇගේ දුව නීනව එයාගෙ ආච්චියි සීයයි හෙවත් මයිකල්ගෙ දෙමව්පියන් ගාවට යවනවා වැඩි ආරක්ෂාව සඳහා. ඒත් මාෆියා කල්ලිය කොහොම හරි නීනා ඉන්න තැන හොයාගෙන අර ආච්චිවයි සීයවයිත් මරලා නීනව පැහැරගෙන යනවා. මේ හැම දේම කරන්නේ මායා ගාව හංගලා තියෙනවා කියලා මාෆියා කල්ලිය හිතන මයිකල්ගෙ ලියකියවිලි වගයක් වෙනුවෙනුයි.
ඉතින් යාළුවනේ.. කොහොමද මයිකල්ගෙ සමාගමෙන් සල්ලි නැති වෙන්නේ? මයිකල් කොහොමද මායා ට රහස් පණිවිඩයක් එවන්නේ? මොකක්ද ඒ රහස් පණිවිඩේ? මොනවද මේ මාෆියා කල්ලියට ඕන කරලා තියෙන ලියකියවිලි? කවුද මේ මාෆියා කණ්ඩායම මෙහෙයවන්නේ? මායා ට හිරෙන් නිදහස් වෙන්න පුළුවන් වේවිද? මායට තමන්ගෙ දුව නීනව බේර ගන්න පුළුවන් වේවිද? ඒ වගේම මයිකල්ගෙ ඝාතකයන්ට දඬුවම් ලබා දෙන්න මායාට පුළුවන් වේවිද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න.. ජයවේවා!!
මෙන්න torrent වලින් බාන අයට... 375MB
මෙන්න torrent වලින් බාන අයට... 700MB
No comments:
Post a Comment