“අපි සටන් කරන්න ඕන හැටි අපිට යුද්ධය විසින් උගන්වනවා. ඒ වගේම දෙවියන් දන්නවා ඒකෙ වටිනාකම. මම දන්න එකම දේ ඒක කරන්නෙ කොහොමද කියන එක විතරයි. මම දන්නෙ නැහැ ජීවත් වෙන්නෙ කොහොමද කියලා. ඒත් මම දන්නවා සටන් කරන්නෙ කොහොමද කියලා..“
මිකී කෝහේන් කියන්නේ දක්ෂ බොක්සින් ක්‍රීඩකයෙක්. ඒ වගේම ලොස් ඇන්ජලීස් නගරේ ඉන්න භයානකම පාතාල කල්ලි නායකයා. මුළු නගරෙම පාලනය තියෙන්නේ ඔහු අතේ. මත්ද්‍රව්‍ය ජාවාරම්, ගණිකා වෘත්තිය, අමානුෂික අන්දමේ මිණී මැරීම්, සූදු පොලවල්, කැසිනෝ ශාලා වගේ දේවල් වලින් තමයි ඔහු මුදල් උපයන්නේ. තමන්ගෙ විශ්වාසවන්තම සේවකයාගෙන් වැරැද්දක් උනත් මීකී කාටවත් සමාව දෙන ජාතියේ කෙනෙක් නෙවෙයි. එක දවසක් නිලියක් වෙන්න හිතාගෙනද කොහෙදෝ ලොස් ඇන්ජලීස් නගරෙට එනවා සුරූපී කෙල්ලෙක්. මිකීගෙ සේවකයන් උත්සාහ කරන්නේ මේ කෙල්ලව රවට්ටන් ගිහින් දූෂණය කරලා ඒ කෙල්ලව ගණිකාවක් බවට පත් කරන්නයි. ඒත් මේ නගරේඉන්නවා පොලිස් සාජන් කෙනෙන්. ඔහු නමින් ජෝන් ඕමේරා. කොහොම හරි ජෝන් මේ කෙල්ලව බේරගෙන මිකීගෙ ගෝලයෝ ටිකට හොටම ගහලා ඔවුන්ව පොලිසියට ගෙනියනවා. ඒත් මිකීගෙ තියෙන බලපුළුවන්කාරකම නිසා හිරේට දාන්නත් කලින්ම ඒ ගෝලයින්ට ඇප ලැබෙනවා.. ලොස් ඇන්ජලීස් වල පොලිස් ලොක්කා මේකට කැමති වෙන්නෙ නැහැ. ඔහු ජෝන්ව ගෙන්නලා කියනවා රාජකාරීමය වශයෙන් නැතිව මිකීව නැති කරලා දාන්න කියලා. ජෝන් ඒකට කැමති වෙලා පොලිස් ලොක්කගෙ අවසරය මත ඒ වෙනුවෙන් පුංචි කණ්ඩායමක් හදා ගන්නවා. ඒකට ගන්නේ විශ්වාසවන්තම සුපිරි වැඩකාරයෝ ටිකක්. මේ චිත්‍රපටිය ගලාගෙන යන්නේ මේ කණ්ඩායම මිකී කෝහේන්ව නැති කරලා දාන්න දරණ උත්සාහය ගැනයි...
IMDb දර්ශකයේ 7.0/10ක රේටින් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියට පදනම් වෙලා තියෙන්නේ 1949 වකවානුවේ ලොස් ඇන්ජලීස් නගරයේ තිබුනු තත්වයයි. 2013 ජනවාරි 13 තිරගතවීම ඇරඹුන මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 60ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියපු සුපිරි චිත්‍රපටියක්. පලවෙනි සතියේ විතරක් මේ චිත්‍රපටියේ ආදායම ඩොලර් මිලියන 17 ට වැඩියි.. වැඩි විස්තර කියන්න ඕන නැහැ. චිත්‍රපටිය පට්ට සුපිරි එකක් කියලා ඔයාලට බැලුවම තේරේවි. ජයවේවා හැමෝටම!!
මෙන්න torrent වලින් බාන අයට... 350MB
මෙන්න torrent වලින් බාන අයට... 710MB
මෙන්න torrent වලින් බාන අයට... 800MB
මෙන්න torrent වලින් බාන අයට... 1.8GB