Friday, May 3, 2013

Gangster Squad (2013)



“අපි සටන් කරන්න ඕන හැටි අපිට යුද්ධය විසින් උගන්වනවා. ඒ වගේම දෙවියන් දන්නවා ඒකෙ වටිනාකම. මම දන්න එකම දේ ඒක කරන්නෙ කොහොමද කියන එක විතරයි. මම දන්නෙ නැහැ ජීවත් වෙන්නෙ කොහොමද කියලා. ඒත් මම දන්නවා සටන් කරන්නෙ කොහොමද කියලා..“
මිකී කෝහේන් කියන්නේ දක්ෂ බොක්සින් ක්‍රීඩකයෙක්. ඒ වගේම ලොස් ඇන්ජලීස් නගරේ ඉන්න භයානකම පාතාල කල්ලි නායකයා. මුළු නගරෙම පාලනය තියෙන්නේ ඔහු අතේ. මත්ද්‍රව්‍ය ජාවාරම්, ගණිකා වෘත්තිය, අමානුෂික අන්දමේ මිණී මැරීම්, සූදු පොලවල්, කැසිනෝ ශාලා වගේ දේවල් වලින් තමයි ඔහු මුදල් උපයන්නේ. තමන්ගෙ විශ්වාසවන්තම සේවකයාගෙන් වැරැද්දක් උනත් මීකී කාටවත් සමාව දෙන ජාතියේ කෙනෙක් නෙවෙයි. එක දවසක් නිලියක් වෙන්න හිතාගෙනද කොහෙදෝ ලොස් ඇන්ජලීස් නගරෙට එනවා සුරූපී කෙල්ලෙක්. මිකීගෙ සේවකයන් උත්සාහ කරන්නේ මේ කෙල්ලව රවට්ටන් ගිහින් දූෂණය කරලා ඒ කෙල්ලව ගණිකාවක් බවට පත් කරන්නයි. ඒත් මේ නගරේඉන්නවා පොලිස් සාජන් කෙනෙන්. ඔහු නමින් ජෝන් ඕමේරා. කොහොම හරි ජෝන් මේ කෙල්ලව බේරගෙන මිකීගෙ ගෝලයෝ ටිකට හොටම ගහලා ඔවුන්ව පොලිසියට ගෙනියනවා. ඒත් මිකීගෙ තියෙන බලපුළුවන්කාරකම නිසා හිරේට දාන්නත් කලින්ම ඒ ගෝලයින්ට ඇප ලැබෙනවා.. ලොස් ඇන්ජලීස් වල පොලිස් ලොක්කා මේකට කැමති වෙන්නෙ නැහැ. ඔහු ජෝන්ව ගෙන්නලා කියනවා රාජකාරීමය වශයෙන් නැතිව මිකීව නැති කරලා දාන්න කියලා. ජෝන් ඒකට කැමති වෙලා පොලිස් ලොක්කගෙ අවසරය මත ඒ වෙනුවෙන් පුංචි කණ්ඩායමක් හදා ගන්නවා. ඒකට ගන්නේ විශ්වාසවන්තම සුපිරි වැඩකාරයෝ ටිකක්. මේ චිත්‍රපටිය ගලාගෙන යන්නේ මේ කණ්ඩායම මිකී කෝහේන්ව නැති කරලා දාන්න දරණ උත්සාහය ගැනයි...

IMDb දර්ශකයේ 7.0/10ක රේටින් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියට පදනම් වෙලා තියෙන්නේ 1949 වකවානුවේ ලොස් ඇන්ජලීස් නගරයේ තිබුනු තත්වයයි. 2013 ජනවාරි 13 තිරගතවීම ඇරඹුන මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 60ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියපු සුපිරි චිත්‍රපටියක්. පලවෙනි සතියේ විතරක් මේ චිත්‍රපටියේ ආදායම ඩොලර් මිලියන 17 ට වැඩියි.. වැඩි විස්තර කියන්න ඕන නැහැ. චිත්‍රපටිය පට්ට සුපිරි එකක් කියලා ඔයාලට බැලුවම තේරේවි. ජයවේවා හැමෝටම!!

මෙන්න torrent වලින් බාන අයට...  350MB

මෙන්න torrent වලින් බාන අයට...  710MB 

මෙන්න torrent වලින් බාන අයට...  800MB

මෙන්න torrent වලින් බාන අයට...  1.8GB


Assassins Run (2013)



මේක ඇමරිකාවේ තිරගත වෙන්න පටන් ගත්තේ මේ මාසේ 23 වෙනිදා. මේ චිත්‍රපටිය ආසන්න වශයෙන් ඩොලර් 4,000,000.00 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියාවි කියලා විචාරකයන් කියනවා. ඒ වගේම මේ චිත්‍රපටියේ ඔයාලා මීට කලින් දැකලා නැති ලස්සන සටන් ක්‍රමයක් තියෙනවා. ඒ මොකක්ද කියලා ඔයාලට දැනගන්න පුළුවන් වෙන්නේ මේක බැලුවොත් තමයි. මෙහි මයිකල්ගෙ චරිතය රඟපාන්නේ El Gringo, The River Murders, Soldiers of Fortune වැනි චිත්‍රපටි වල රඟ පෑ සම්මානනීය සුපිරි නළු Christian Slater විසිනුයි. ඒ වගේම මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන මායාගෙ චරිතයට පණ පොවන්නේ Sofya Skya නම් සුරූපී නිලියයි.
මයිකල් කියන්නේ රුසියාවේ ඉන්න ධනවත් ඇමරිකානු තෙල් වෙලෙන්දෙක්. ඔහුගෙ බිරිඳ මායා, අති දක්ෂ බැලේ නර්ථන ශිල්පිණියක්. ඔවුන් දෙදෙනාට ලස්සන පුංචි දුවෙකුත් ඉන්නවා නීනා කියලා.. මයිකල් මේ දෙන්නට හරිම ආදරෙයි. මෙයාලගෙ ජීවිත හරිම සුන්දර විදිහට ගලාගෙන යනවා.
රුසියාව කිව්වම ඔයාලා දන්නවනේ ඒ රටේ ඉන්න මාෆියා කල්ලි ගැන?.. මයිකල්ගෙ තෙල් පිරිපහදු කරන සමාගමෙන් හිටි හැටියේ සල්ලි වගයක් නැති වෙනවා.. පොඩි ගානක් නෙවෙයි.. ඩොලර් බිලියන බාගයක්.. ඒ අතරේ මයිකල් පස්සෙන් මාෆියා කල්ලියක් පන්නනවා. ඒක කෙලවර වෙන්නේ මයිකල්ව මරලා දාලා. කොහොම හරි මයිකල් තමන් මැරෙන්න යන බව දැනගෙන මැරෙන්න කලින් නීනාට රහස් පණිවිඩයක් එවනවා. . මේ මාෆියා කල්ලිය මයිකල්ව මරලා දාලා එතනින් නවතින්නෙ නැහැ. ඔවුන් මයිකල්ගෙ බිරිඳවත් මත් කුඩු සිද්ධියකට පටලවලා රුසියානු හිර ගෙයකට දානවා… ඒ අතරේ මයිකල්ගෙ යාළුවෙක්ගෙ මාර්ගයෙන් මායා ඇගේ දුව නීනව එයාගෙ ආච්චියි සීයයි හෙවත් මයිකල්ගෙ දෙමව්පියන් ගාවට යවනවා වැඩි ආරක්ෂාව සඳහා. ඒත් මාෆියා කල්ලිය කොහොම හරි නීනා ඉන්න තැන හොයාගෙන අර ආච්චිවයි සීයවයිත් මරලා නීනව පැහැරගෙන යනවා. මේ හැම දේම කරන්නේ මායා ගාව හංගලා තියෙනවා කියලා මාෆියා කල්ලිය හිතන මයිකල්ගෙ ලියකියවිලි වගයක් වෙනුවෙනුයි.
ඉතින් යාළුවනේ.. කොහොමද මයිකල්ගෙ සමාගමෙන් සල්ලි නැති වෙන්නේ? මයිකල් කොහොමද මායා ට රහස් පණිවිඩයක් එවන්නේ? මොකක්ද ඒ රහස් පණිවිඩේ? මොනවද මේ මාෆියා කල්ලියට ඕන කරලා තියෙන ලියකියවිලි? කවුද මේ මාෆියා කණ්ඩායම මෙහෙයවන්නේ? මායා ට හිරෙන් නිදහස් වෙන්න පුළුවන් වේවිද? මායට තමන්ගෙ දුව නීනව බේර ගන්න පුළුවන් වේවිද? ඒ වගේම මයිකල්ගෙ ඝාතකයන්ට දඬුවම් ලබා දෙන්න මායාට පුළුවන් වේවිද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න.. ජයවේවා!!



මෙන්න torrent වලින් බාන අයට...   375MB

මෙන්න torrent වලින් බාන අයට...   700MB


The Last Stand (2013)




මෙන්න මේකයි වෙන්නේ ඇමෙරිකාවේ තියෙනවනේ ඇරිසෝනා කියලා ප්‍රාන්තයක්. එකේ කෙරවලේ තියෙනවා සමර්ටන් කියලා ගමක් මෙක්සිකානු දේශ සීමාවට ලංවෙලා. මේ ගමේ ඉන්නේ ටිකක් පරණ මිනිස්සු නගරෙන් ඈත් වෙලා නිදහස අගය කරන පිරිසක්. ඉතින් නගරේ ඉන්නවා ෂෙරිෆ් කෙනෙක් සහ ගෝලයෝ තුන් දෙනෙක්. ඒ කිව්වේ අපේ ආරච්චිලා වගේ ගමේ සාමය ආරක්ෂා කරන්න ඉන්න ඒ ගමේ පොලිසිය තමයි මෙයාල. ප්‍රධාන චරිතය වන ෂෙරිෆ් තමයි හැට පැන්නත් වීරයා වීරයමයි කියල ඔප්පු කරන ආර්නෝල්ඩ් ස්වාසර්නේගර් නගරාධිපති තුමා. ඉතින් මේ අතරේ මේ නගරයට යම් පිරිසක් එනවා දවසක, එදා මේ ෂෙරිෆ් මහත්තයාගේ නිවාඩු දවස. මේ මිනිස්සු ටිකක් අමුතුයි. එත් එක්කම ඇමෙරිකානු FBI එකෙන් දරුණු අපරාධ ලෝකේ රජෙක් වන මෙක්සිකානු සිරකරුවෙක් ඉතාම රහසිගත ලෙස මාරු කරවන්න හදනවා. ඉතින් අවසානයේ මේ සිරකරුවා ඉතාමත් සූක්ෂම ලෙස හිරෙන් පනිනවා අතරමගදී. මෙයා විශේෂ දක්ෂතා තියෙන කෙනෙක්. ඒ වගේම හොඳ රථ ධාවකයෙක්. එතනදී තමයි ඔන්න වැඩේ පටන් ගන්නේ. කලින් ගොඩක් කිව්ව් නිසා අද මොකුත් කියන්නේ නැහැ. ඔන්න එහෙනම් බලන්නම වෙනවා කවුද මේ සිරකරුවා මොකටද සමර්ටන් වලට අර මිනිස්සු ආවේ? අපේ ෂෙරිෆ් මහත්තයා මොනවා කරයිද සමර්ටන් වල සාමය ආරක්ෂා කරන්න? මේ ප්‍රශ්න ඉතුරු කරන්නේ ඔයාලගේ කුතුහලයට.
පසුගිය ජනවාරි 23 තිරගත් කිරීම් ආරම්භ කල් මේ කතාව IMDb දර්ශකයේ ලකුණු 6.9ක් අරගත් ක්‍රියාදාම සාගරයකින් යුතු කතාවක්. ඒ වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jee Woon Kim විසින්. රංගන දායකත්වය Arnold Schwarzenegger, Forest Whitaker, Peter Stormare වගේ දක්ෂ නළුවන්ගෙන්.


මෙන්න torrent වලින් බාන අයට...  300MB

මෙන්න torrent වලින් බාන අයට...  710MB


A Common Man (2012)

මතකද අපි ගෙනා කැලණි ගඟේ පාළම? එහි අපි සඳහන් කළා එම සිනමා කර්තව්‍යය වෙනුවෙන් අපේ රටේ ශිල්පීන්ගෙන් ලැබුණ දායකත්වය ගැන! එහිදී අපි විශේෂයෙන් සඳහන් කළ අප රටේ නම් දෙකක් තිබුණා මතකද? ඔව් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ඉන් එක නමක්. අනික් නම මතකද? අමතකනම් මේ චිත්‍රපටිය බලන්ඩ. ඉන් පස්සෙ කිසිදාක ඒ නම අමතක වෙන්නෙ නම් නෑ. මොකද අපේ රටෙන් හොලිවුඩය දක්වා ගෙනයන ඒකාබද්ධ සිනමා නිර්මාණයක් විදිහට මේක අපටත් බොහොම ලොකු වටිනාකමක් සහිත නිර්මාණයක් බවට පත්වෙනු ඇති බවයි අපගේ අදහස. ඒ නිසාවෙන්මයි, අප මේ විදිහට මෙය අන්තර්ජාලයට නිකුත්වෙන්නා හා ම සිංහල සමග ඔබ’තට පත් කරන්නට උත්සුක වුණේ. අහ්! අර කියාපු අපේ රටේ අනිත් ශිල්පියා… ඕහ් නෑහ් :( වැරදුණා! මේ සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා; ඔහු තමාචන්ද්‍රන් රත්නම්.
හරි එහෙනම් බලමු මොකද්ද මේ චිත්‍රපටිය කියලා. අමුතුවෙන් නොකිව්වට මේක අපට බොහොම හුරුපුරුදු කතාවක්. මොකද ත්‍රස්තවාදය ගැනයි මේකේ කතාව දිගහැරෙන්නේ.
අපරාධ පරීක්ෂණ වාර්තාව:-
ස්ථානය: කොළඹ නගරය (ශ්‍රී ලංකාවේ අගනගරය)
සිදුවීම: බෝම්බ තර්ජනයක් (නගරයේ විවිධ තැන්වල අටවන ලද බෝම්බ 5ක් ගැන දන්වමින් ලැබෙන නාඳුනන දුරකථන ඇමතුමක්)
ඉල්ලීම්: හිරකරුවන් නිදහස් කිරීම (ත්‍රස්ත ලෝකයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු එකවර නිදහස් කර හරින මෙන් රජයට අනතුරු හඟවයි)
විසඳීම: නොදනී (ඒ පිළිබඳ දැනගැනීමට මෙම සිනමාපටය නැරඹීම අනිවාර්ය වේ)
ඔන්න ඕකයි විස්තරේ. අපටනම් කොහොමත් හුරුපුරුදු කතාවක් වුණත්, මේක ලෝකෙටම තදින් දැනෙන එක්තරා හේතුවක් තිබෙනවා. ඒ තමයි පසුගිය දිනෙක මැරතන් තරගයක් අතරතුරේ ඇමරිකාවේ බොස්ටන් නගරයේදී පුපුරා ගිය බෝම්බය. තිදෙනෙකුට මරු කැඳ වූ මේ බෝම්බයේ උණුසුම පහවන්නටත් මත්තෙන් මෙම චිත්‍රපටිය ඇමෙරිකාවෙහි තිරගත වීම ඇරඹුණා. බටහිර බලවතුන් භීතියෙන් ඇළළූ ඒ සිදුවීම මෙය තිරගත වීම ඇරඹෙන්නට මත්තෙන් ඉතා ආසන්න දිනෙකදී සිදු වීම, මේ චිත්‍රපටය කෙරෙහි දැඩි උනන්දුවක් ඇති කිරීම කෙරෙහි ප්‍රබලව බලපෑ සිදුවීමක් බවට පත්වුණා. New York Film Festival’හි අවසන් තෝරාගැනීම් කිහිපය අතරට ඇතුළත් වන්නට මෙම චිත්‍රපටය සමත් වුණේ ඒ නිසානම් නෙමෙයි. ඒ මෙය ඊට නිතැතින්ම සුදුසු නිසාම පමණයි. ඒ වගේම මෙහි රඟපාන අයවලුන් ගැන නොකිව්වොත් ලොකු අඩුවක්. Ghandi (1982) චිත්‍රපටියෙන් ඔස්කා හොඳම නළුවා බවට පුද ලද Ben Kingsly (Iron Man 3 – චිත්‍රපටයෙනුත් නුදුරු අනාවේදීම දැක ගත හැකි වනු ඇති) මෙහි කතා නායකයා වන ත්‍රස්තවාදියා ලෙසින් චරිත නිරූපනයෙහි යෙදෙන අතර තවත් සම්මානනීය නළුවෙකු වන Ben Cross ඔහු පසුපස හඹා යන ජාත්‍යන්තර පොලිස් නිලධරයා ලෙස ප්‍රබල රංගනයක නිරත වෙනවා. ඇමෙරිකානු ලාංකික ඒකාබද්ධ නිෂ්පාදනයක් වන මෙය දැනටමත් හොඳ ප්‍රසාදයක් දිනා ගන්නට සමත් වී තිබෙනවා. ඒවා කොහොම වෙතත් අපේ රටෙන් ලෝකෙට යන දෙයක් හැටියට මෙවැන්නක් අපි මගහැරගන්නට හොඳ නෑ කියන එකයි මගේනම් අදහස. මොකද අපේ රටේ සිනමාව ගැනත් යම් ඉඟියක් පෙරමග ලකුණක් බවට මෙය යම් දිනෙක පත් විය හැකි නිසා.


මෙන්න torrent වලින් බාන අයට...  380MB

මෙන්න torrent වලින් බාන අයට...  750MB (720p)

මෙන්න torrent වලින් බාන අයට...  1.24GB (1080p)





ABCD (Any Body Can Dance) (2013)








නර්තනය කියන්නෙ බොහෝ දෙනෙක් ඉතා ආදරයෙන් වැලඳ ගන්නා දෙයක්. නර්තන කියන තේමාවට මුල් තැන දෙමින්, ඉන්දියාවේ බිහි වූ සුපිරිතම චිත්‍රපටයක් තමයි මම අද මේ ඔයාලට අරගෙන ආවෙ. මෙම චිත්‍රපටය ඉන්දියාවට සුවිශේෂී වීමට එක් හේතුවක් වන්නේ මෙය එරට තිරගත වන පළමු ත්‍රිමාණ චිත්‍රපටය නිසාවෙන්. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 7ක් ලබාගැනීමටත් මෙයට හැකි වී තිබෙනවා. මෙහි ප්‍රධාන භූමිකාව රඟ දක්වන්නේ සුපිරි නළු ”ප්‍රභූ දේවා” විසිනි. එහෙනම් මම වැඩි කතා නැතුව කෙලින්ම චිත්‍රපටයේ කතාවට බහින්නම්.
විශ්ණු (ප්‍රභූ දේවා) කියන්නෙ දක්ෂ නැටුම් ගුරුතුමෙක්. එයා වැඩ කරන්නෙ තම මිත්‍රයෙක් වන ජහන්ගීර් සමඟ ඔහුගේ නැටුම් පාසලේ.. කොහොම හරි චිත්‍රපටය ආරම්භයේදීම නැටුම් තරඟයකින් ඔවුන්ගේ කණ්ඩායාම ජයග්‍රහණය කරන සිදුවීමක් පෙන්වනවා. ඒත් විශ්ණු දන්නව තමන්ගෙ කණ්ඩායමට වඩා අනිත් කණ්ඩායම හොඳින් නර්තනය ඉදිරිපත් කළ බව. ඒත් ජහන්ගීර් කොහොම හරි හොර කරල කණ්ඩායම දිනවනව. මෑන්ස්ට ඕනෙ හොඳින් හරි නරකින් හරි දිනන්න. මේ හේතුව නිසා ඇති වුන ප්‍රශ්නයක් නිසා විශ්ණු මේ නර්තන පාසැල අත්හැරල තමන්ගෙ පරණ යාලුවෙක් ලඟට යනව. ඒ ගෙදර ඉද්දි මෙයා දකිනව පොලීසියෙන් පැනල යන කොල්ලො සෙට් එකක්. මේ කොල්ලො ටික පස්සෙ පොලීසියෙන් කොච්චර පැන්නුවත් මුන්ව අල්ලන්න බෑ. මොකද මේ සෙට් එක දන්න වැඩ කිඩ සේරම දාල අරෙහෙන් මෙහෙන් රිංගල පැන ගන්නව. මේ අයව දැකපු විශ්ණු සර්ට අදහසක් පහල වෙනව නර්තන කණ්ඩායමක් හදන්න. හැබැයි වැඩේ හිතුව තරම් ලේසි වෙන්නෑ. ඊට පස්සෙ වෙන්නෙ මොකද කියල ඔයාලම බලන්න. සුපිරි නැටුම් ටිකක් ඔයාලට බලාගන්න පුලුවන්.(ටිකක් කිව්වට ටිකක් නෙමෙයි හොඳේ!)..
මේ චිත්‍රපටියෙන් සමාජය යහපත් ආදර්ශ රාශියකුත් ගෙනහැර පානවා. කණ්ඩායම් හැඟීම කියන දේ කොච්චර වැදගත්ද, විශ්වාසය, ඉවසීම, කැපවීම, නොසැලෙන උත්සාහය.. මේ හැමදේම මේ චිත්‍රපටයේ අඩංගු වෙනව. හැමෝටම බලන්න වටින සුපිරිම ෆිල්ම් එකක්. මේ වෙනකොට මේ චිත්‍රපටයට වැය වූ මුදල මෙන් දෙගුණයකටත් වඩා ආදායමක් ලබල තියනවලු. ඒකෙන්ම තේරෙනවනෙ කොහොමද කියල.


මෙන්න torrent වලින් බාන අයට...  700MB

මෙන්න torrent වලින් බාන අයට...  1.0GB


Safe Haven (2013)




මගේ නම එරන්. එරන් ටිරනී. තරුණකමට හෝ මෝඩකමට ඇති කර ගත්තු වැරදි සම්බන්ධයක් හින්දා වද විඳින තවත් එක කෙල්ලෙක්. මගේ මහත්තයා බොස්ටන් පොලිසියේ පරීක්ෂක වරයෙක්. මේ මෝඩ තීරණය හින්දා මේ වයසේ කවුරුත් තම සැමියගෙන් ලබන්න පෙරුම් පුරන සුන්දර ආදරය, සෙනහස වෙනුවට හැමදාම මට ලැබෙන්නේ බැණුම්, ගුටි සංග්‍රහයක් විතරයි. එයා එක්තරා ආකාරයක පිස්සෙක්. ඒත් එක දවසක සිදුවන එක සිදුවීමක් නිසා මම ගෙදරින් පැන ගත්තා.
ඒත් මහත්තයා මගේ පස්සෙන්ම එළවන බව මම දන්නවා. කොටින්ම මම දුර ඈත නගරයකට ගිහින් හැංගෙන්න හිතාගෙන ගන්න ගිය බස් එකටත් එයා හොයාගෙන එනවා මම දැක්කා. ඒත් මම කොහොමහරි පැනගත්තා. මට හැංගෙන්න හොඳයි කියලා හිතුණු වෙරළබඩ පොඩි නගරයක මම නැවතුණා. කලබලකාරී නගරයෙන් මිදිලා, ස්වභාවධර්මයේ ලස්සන අත්විඳින්න පුළුවන්, මුහුද අයිනක තියෙන කුරුල්ලන්ගේ ශබ්දයෙන් කන් පුරෝගන්න පුළුවන් මේ පුංචි නගරය හරිම සුන්දරයි. ඒත් කොච්චර කාලයක් මෙතනම මට ඉන්න ලැබේවිද? මේ ලස්සන විඳින්න ලැබේවිද?
පොලිසියෙ ඉන්න කෙනෙක්ට කෙනෙක්ව හොයාගන්න ලේසි විත්තිය මම දන්නවා. එයා මාව හොයාගෙන ඇවිත් මරලා දාන බවත් මම දන්නවා. ඒත් කොහොමහරි බේරිලා පුළුවන් තරම් කාලයක් ඉන්න තමා මම හිතන් ඉන්නේ.
මේ Dear JohnThe NotebookA Walk to RememberMessage in a BottleNights in RodantheThe Last Song වැනි කතා ලියවෙච්ච නිකලස් ස්පාර්ක්ස් අතින් ලියවුණු මගේ කතාවයි. එහෙනම් ඔයාලත් බලන්නකෝ මගේ ජීවිත කතාව.211

Torrent
411MB

707MB

950MB


Red Tails (2012)










මේ ව්‍යාපෘතිය යටතේ තමයි පළවෙනි වතාවට අප්‍රිකානු ඇමරිකානු සම්භවයක් සහිත නීග්‍රෝ ජාතිකයන්ට ගුවන් හමුදාවට බැඳිලා සටන් කිරීමට අවසර හම්බ වෙලා තියෙන්නේ. ඉතින් මේ කතාවෙන් විස්තර කෙරෙන්නේ Tuskgee Air Men එහෙමත් නැත්නම් ටස්කජී නියමුවන් ලෙස හදුන්වන එම ගුවන් නියමුන් සිදු කල දීප්තිමත් යුධ මෙහෙයුම් ගැනයි. මේ කතාව බොක්ස් ඔෆිස් හිට් ලැයිස්තුවෙත් දෙවෙනි ස්ථානයේ ටික කලක් රැදිලා ඉදලා තියනවා. ඉතින් සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් නිමවුන මෙම සිනමා සිත්තමේ කතාවේ සාරාංශය මෙන්න මෙහෙමයි යන්නේ.

ටස්කජී ගුවන් නියමුවන් කියන්නේ මුල් අවධියේ බොහෝම වෙනස් කම් වලට ලක් වුන කට්ටියක්. බොහෝ සුදු ජාතික ඇමරිකානුවන් හිතන් ඉන්නේ කලු ජාතිකයන්ට ගුවන් සටන් වල නිරත වෙන්න අවශ්‍ය එඩිතර බව සහ ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව නැහැ කියලයි. ඉතින් මේ නිසා මේ ගුවන් නියමුවන්ට ලැබිලා තියෙන්නේ යල් පැන ගිය ගුවන් යානා ටිකක්. ඒ විතරක් නෙමේ මුල් කාලෙදි ඔවුන්ව බිහිසුණ සටන් වලට යොදවන්නේ නැහැ. ඔවුන්ට පැවරිලා තියෙන්නේ පාරවල් වල යන ජර්මානු ට්‍රක් රථ සහ වෙනත් හමුදා වාහන වලට ගුවන් ප්‍රහාර එල්ල කිරීම සහ සතුරන් පැත්ත පළාතක නැති ප්‍රදේශ වල මුර සංචාරය කිරීම වගේ ගුවන් නියමුවො සාමාන්‍යයෙන් නොකරන බොහෝම සුලු වැඩ කොටසක්.නමුත් ඔවුන්ගේ ඒකකය භාර කර්නල් බුලාඩ් කියන නිළධාරියා ඔහුට එල්ල වෙන බොහෝ කැපිලි කෙටිලි මැද්දේ මේ ගුවන් නියමුවන්ට මෙහෙයුමක් භාර දෙනවා. ඉතින් මේ අවස්ථාව අපතේ නොහැරපු මේ නියමුවොත් ඔවුන් සතුරාට විරුද්ධව ක්‍රියාත්මක කල පළමු මෙහෙයුමම වාර්තා ගත ආකාරයට නිමා කරනවා.

මේ කාලය වෙන විට ජර්මන් ඉලක්ක වලට බෝම්බ ප්‍රහාර එල්ල කරන්න යන යානා බොහෝ විට ජර්මන් ප්‍රහාරක යානා වලට පහසු ඉලක්ක බවට පත් වෙලා තියෙන්නේ. තමන්ගේ යානා වලට වෙන හානිය දකින බෝම්බ ප්‍රහාරක යානා කණ්ඩායම භාර නිළධාරියා එම යානා වලට ගුවන් ආරක්ෂාව සපයන වගකීම කර්නල් බුලාඩ් ගේ නීග්‍රෝ ජාතික ගුවන් නියමුවන්ට පවරනවා. ඔවුන් බිහිසුණ සටන් මැද එක බෝම්බ යානයකටවත් හානි නොවී එම යානා නියමිත ඉලක්කයට ගිහින් ආපහු එනතුරුම ආරක්ෂා කරනවා. (වාර්තා වල සදහන් වන අන්දමට මේක ඇත්ත සිදුවීමක්) තමන්ගෙම සතුරන්ට වඩා තම රටේම මිනිස්සු තමන්ව පහත් කර සළකන එක මේ ගුවන් නියමුවන්ට දැනෙන්නේ කොහොමද? වර්ණභේදවාදය අවුස්සන පුවත්පත් විසින් ඉතා සුලු වැරැද්දක් පවා විශාල ලෙස හුවා දක්වන කොට, ඉහළ නිලධාරීන්ගෙන් හැකි සෑම අවස්ථාවකම ඔවුන්ට විශාල පීඩනයක් එල්ල කරන කොට කොට, සහ තවත් එවැනි දහසකුත් එකත් බාධා මැද නොසැලී සටන් කරන මේ සැබෑ මිනිසුන්ගේ කතාව හැමෝම බලන්න :)

ඒ වගේම මේ කතාව බලද්දි ඔයාලට මේ වගේ තවත් ගුවන් මෙහෙයුම් ගොඩක් බලන්න ලැබෙයි. ඒවා ගැන විස්තර කලොත් එච්චර ගතියක් ලැබෙන්නේ නැති නිසා මේක බලලම ඉන්න.තවත් එකක් කියන්න තියනවා මේ කතාවට ජනප්‍රිය ගායකයෙක් වෙන “Ne-Yo” සිය රංගනයෙන් දායක වෙනවා.

මෙන්න torrent වලින් බාන අයට... (1080p)

http://torcache.net/torrent/56D51C243F5F1CD51967B8F0A444D42807C60371.torrent?title=%5Bkat.ph%5Dred.tails.2012.1080p.brrip.x264.1.5gb.yify

මෙන්න torrent වලින් බාන අයට... (750p)

http://torcache.net/torrent/53C84BEB952874FCA653AB4DB16F9F7741EE0663.torrent?title=%5Bkat.ph%5Dred.tails.2012.720p.brrip.x264.800mb.yify